Thotupola

Ma Thani Unu Bawa Dakala

Manjula Pushpakumara

මා තනි උනු බව දැකලා කඳුලක් නැද්ද ඉනුවේ නෙතේ හැර යන්නට දුරස් වෙලා වරදක් නැහැනේ මාගෙන් උනේ එක පාරක් ඉඩ දෙන්න ඔබෙ ලග මට ඉන්න පවසන්න මේ ආදරේ ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ ආදරෙන් පැරදෙනා පෙම්වතුන් දෙස බලා මතකයිද දුක් උනා මටත් වැඩියෙන් ඔයා අද මාව රවටලා ගියේ ඔබමයි කියා අදහන්න බැරි නිසා සිත අතරමං වෙලා ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ රිදවනා මතකයේ රැදුනු හසරැල් ඔබේ තව කඳුළු කැට වේවි වැටෙයි නෙතගින් මගේ ලැබුනු පිවිතුරු සෙනේ මගෙන් විතරයි ලොවේ සිහිවෙන හෙට දිනේ යලිත් ඔබ එයි ලදේ ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ මා තනි උනු බව ....

Ma Thani Unu Bawa Dakala lyrics · Manjula Pushpakumara