Thotupola

Appachchita Man Witharak

Pahan Tharusha

අප්පච්චිට මං විතරක් බරක් වුණාද‍ මං හින්දා අපේ ගෙදරට අපලේ වෙලාද අප්පච්චිලා කතා නැත්තේ තරහා වෙලාද පුංචි කාලේ මහණ කෙරුවේ එපා වෙලාද මං පුංචි කාලේ මහණ කෙරුවේ එපා වෙලාද....... මට නම් බැහැ අපේ ගෙදර දිහා බලන්න පිඬු සිඟන්න ගම්මැද්දේගේ බැහැනේ වඩින්න අම්මා ආයේ සාධු කියා මටත් වඳින්නේ මටත් ඇඬෙයි අම්මාටත් වෙයිනේ අඬන්න....... අප්පච්චියේ නංගී මතක් වෙනවා කියන්න හොඳින් ඉගෙන ගන්න කියලා කිව්වා කියන්න මගේ පාඩම් පොත් ටික අරගන්න කියන්න අයියා තරහා නෑ නංගීට එන්න කියන්න....... මා දන් දී ලැබුවා නම් පිනක් පිරෙන්න අප්පච්චිට හැකිවේවා නිවන් දකින්න මට පුළුවනි සංසාරෙන් එතෙර කරන්න අප්පච්චියේ ඇවිත් මාව බලලා යන්න...... අප්පච්චිට මං විතරක්.......

Appachchita Man Witharak lyrics · Pahan Tharusha