Thotupola

Deneth Walin

Prasanga Thisera

දෙනෙත් වලින් කතා කරන පුංචි කෙල්ල මේ අහන්න කී දවසක් මේ කතාව නොකියා ඉන්නවාද කියන්න මගේ වටේට කැරකී කැරකී මා දෙස හොරැහින් බලන්න කව්දැයි ඉතින් ඔය මැඩම්ට අවසර දුන්නේ මට කියන්න...... වදන් වලින් පැවසිය නොහැකි දෑ හංග ගන්න මගේ නම් වරදක් නෑ දවසක විඳවන්ට වුනොත් ඔන්න වචන වලින් ඕනත් නෑ කතාව මට පවසන්න වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එක පාරක් තුරුළු වෙන්න...... ළමාතැනී හැඟුම් පිරී ඔය මුව සඳවත කිපෙන්න දිගැස් වලින් මදෙස බලා හිනාවෙන්න කවදා කිසිදා නොපැතුව මල් සුවඳක් හිත පිරෙන්න හැරදා පරදා තනිකම දෙන්නම් හදේ රැඳෙන්න...... දෙනෙත් වලින්....... වදන් වලින්....... වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එක පාරක් තුරුළු වෙන්න......

Deneth Walin lyrics · Prasanga Thisera