Thotupola

Apara Wu Akase

Amaradewa W D

(අපාර වූ ආකාසේ - වළා සිදුණු බොල් එළියේ)..// ඔබේ දෑස දිළී- නිවී දිළී ඔබේ දෑස දිළී- නිවී - නිසොල්මනේ බලා හිඳී ඇසට කදුළු දිය ලැබුනේ හදට තෙතක් ලබා දෙන්න ඇසෙහි කදුළු ඉවර දිනේ හදට නොමැත ඒ තෙතමන (අගාධ වූ සාගරයේ පිරී පැතිරි නිල් දියඹේ)..// ඔබේ දෑස දිළී- නිවී දිළී ඔබේ දෑස දිළී- නිවී - නිසොල්මනේ බලා හිඳී ඇසේ කදුළු සිදී ගොසින් ගල් වූ හද තෙත් කරන්න ඔබේ ඇසේ දයා දියෙන් කදුළු පොදක් මට හෙලන්න (ඉර හද නැති රෑ යාමේ හද කැටිවුනු කාන්සියේ)..// ඔබේ දෑස දිළී- නිවී දිළී ඔබේ දෑස දිළී- නිවී - නිසොල්මනේ බලා හිඳී

Apara Wu Akase lyrics · Amaradewa W D