Puthune
පුතුනේ පුතුනේ නූපන් පුතුනේ මගේ ලොවට නූපන් පුතුනේ පමා නොවී එනු පුතුනේ මවක් වෙන්න මට වරම් අරන් (හනික වරෙන් පුතුනේ.....//) පාළුව තනිකම රජ කරනා ගෙයි පාළු මකන්නයි මගේ පුතු එන්නේ (හනික වරෙන් පුතුනේ.....//) මවක් වෙන්න මට වරම් අරන් (හනික වරෙන් පුතුනේ.....//) පුතුනේ පුතුනේ........ අපේ ලොවේ අපි රජ කරවන්නයි මගේ රජ කුමරුට එන්න කියන්නේ (හනික වරෙන් පුතුනේ.....//) පියෙක් වෙන්න ඔහු පුරන පෙරුම් (මසිත දවයි නිතිනේ......//) (අරිරරිරෝ......///)
