Thotupola

Lengathu Kama Wedi Hindai

Manjula Dilrukshi

ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ අනන්තයට සිත දිව්වත් ඔබ ළඟමයි සිත නවතින්නේ උන්මාදව ඔබෙ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ නිදි වරමින් රෑ තුන්යම ඔබ ගැනමයි සිතන්නේ දෑස වැසුන හැම මොහොතෙම ඔබමයි මට පෙනෙන්නේ ඉහ ඉද්දර ළඟට වෙලා කවදද කවි කියන්නේ පොරොන්දුවක් දුන්න සිතින් නෑ සරදම් කරන්නේ ලෙන්ගතුකම .... හීනෙන්වත් දුරස් වුණොත් කොහොමද දුක දරන්නේ මුළු ලෝකෙම උරණ වුණත් නෑ මගෙ හිත බිඳෙන්නේ ආදරයක් කියා දුන්න හිත ළඟ තනි රකින්නේ පුංචි කෙල්ල මං ඔබ ළඟ දිවි ඇති තුරු රැඳෙන්නේ ලෙන්ගතුකම ....

Lengathu Kama Wedi Hindai lyrics · Manjula Dilrukshi