Paputhure Randemin (Heena Aga Randi)
හීන අග රැඳි හිත් කොණක ඇය ආදරේ අඳිමින් මුදු වලා සිප මතුපිටින් බිඟු රොන් පුරෝ ගනිමින් රෑ පුරාවට නිදි වැරූ නෙත් ආදරේ බෙදමින් ඉඟිමැරූ පද ගලපමින් මගේ පපුතුරේ රැඳෙමින්....... සීත රැඳි නුඹේ කොපුල් මත මගේ හිත නතර කරමින් කඳුළු අමුණන දෙනෙත් තරු කැට යළි මගේ මුවගින් ඈත නැති සඳ නිවී දිලෙන්නට රැය පහන් කරමින් සිහි කෙරූ ඔබ යළි ඇවිත් මගේ ජීවිතේ නවතින් ජීවිතේ නවතින්........ සීතලක් නැති උණුහුමක් මත අතරමං කරමි සසැලී යහනක සතපවන්නට හද නතර කරමි සිහින සියයක් අතරින් මාගේ ආදරේ සොයමි දොරට වැඩුමට අවසරයි හෙට තෙලි තුඩින් ලියැවී තෙලි තුඩින් ලියැවී...... හීන අග රැඳි......//
