Ochcharatama Adarayak Koheda Tiyenne
ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ ඔය තරමට හදවත මුදු කවුරුද කෙරුවේ // හිත රිදෙන්න කිසිවක් නෑ ඔබගෙන් වෙන්නේ කියන වදන් කරන සැවොම මටම තමයිනේ // මගේ සතුට ඔබේ සතුට ලෙසයි හිතන්නේ ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ ඔච්චරටම ආදරයක් .... පුංචි එවුන් ඇස් දෙක වගෙ තමයි බලන්නේ හිරුගෙ සඳුගෙ කාලය නෑ වෙනසක් දැනුනේ // පැමිණෙන දුක සැප විඳගෙන ළඟම හිඳින්නේ ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ ඔච්චරටම ආදරයක් ....
