Thotupola

Heena Gahana

Kasun Kalhara

හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලා දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා // සඳක මහිම මෙහෙම නොවේ සිහිල නොදෙනු ඇයි දැවෙන නෙත් තෙමා සොමි ගුණ සදනු නොහැකි ඇයි පෙමක මහිම මෙහෙම නොවේ ඇසුර නොදෙනු ඇයි සොදුරු පෙම මුදා මා සිත සිඹිනු නොහැකි ඇයි ළඳක මහිම මෙහෙම නොසෙියුම් නොවෙනු ඇයි පිපෙන මල් දිහා සොඳුරුව බලනු නොහැකි ඇයි මහද මහිම ඔහොම නොවේ හැඳින නොගනු ඇයි කඳුළු වැහි යවා මා වෙත පිපෙු නොහැකි අයි හීන ගහන ....

Heena Gahana lyrics · Kasun Kalhara