Thotupola

Ashawari

Kalpana Nayanamadhu

ආදර අඹරෝරෙදී ඔබ මා මග හැර ගියදා කඳුළැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳ කැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා විඳවන්න තිබුණා මට ඔබ සිහිකර මෙදා ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උණුසුම විඳ විඳ සුවසේ පෙරළී හිඳ මා තුරුලේ හිනැහුණු තරමට ඔබගේ ගත මා ළඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුණේ ආශාවරී.... අවරට යන හිරු සඳ වාගෙමද මා දුටුවේ වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ පහසම පමණද පැතුවේ මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ ආශාවරී....//

Ashawari lyrics · Kalpana Nayanamadhu