Thotupola

Hinawenna Kiyadenna

Sandun Darshana

හිනාවෙන්න කියාදෙන්න සුසුම් දෙන්නෙපා එතකොට හිනා නොවී බලන් ඉන්න ආයේ මං දිහා ඔබ කොහේ හැංගුණේ කොහේදෝ ඔයා හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා නොදැනුණේ ඇයි කියා අහන්නට එපා....... හැඟුමක් වෙලා මං රවටලා සුළඟක් වෙලා සුසුමින් වෙලා තැන තැන හිත නැවතිලා තාම දන්නෑ ඔබ මගේ වෙලා පපුතුරේ හැංගුණේ කොහේදෝ ඔයා හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා නොදැනුණේ ඇයි කියා අහන්නට එපා....... සිහිනෙන් පවා මං රවටලා එන්නම් කියා නොඑන්නම ගියා තුන්තිස් පැයේ හිත නැවතිලා නැවතුණු තැනත් අමතක වෙලා පපුතුරේ හැංගුණේ කොහේදෝ ඔයා හිතුමතේ හිතනවා මං ඔබෙයි කියා දැනුණේ හැඟුණේ මං ඔබෙයි කියා නොදැනුණේ ඇයි කියා අහන්නට එපා.......

Hinawenna Kiyadenna lyrics · Sandun Darshana