Thotupola

Me Tharam Kadulu Wel Kohe Tibunido

Karunarathna Divulgane

මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ ජිවිතේ අවාරයේ ගිම්හානයේ දැවෙයි කී කතා ළගින් ඉඳන් පෙරදා සිතේ මැවෙයි නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින් තැවෙන්න ඒ දුකින් මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ වෙන්වෙලා නොයන්නෙමි දිවුරා කියූ මුවින් වෙන්වෙමු කියන්නෙ දැන් කොහෙදෝ අපේ පැතුම් දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින් හඬන්න සෝ දුකින් මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ

Me Tharam Kadulu Wel Kohe Tibunido lyrics · Karunarathna Divulgane