Ranmasu Uyane Kandulu Pokuna Langa
රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ මින්පසු අප නෑ හමුවන්නේ රන්රසුදැල් පිරි වාසළ මුදුනේ තහංචි වැටිලා කුමාරියේ අශෝකමාලා කුමාරියේ තිසාවැවෙන් එන සීතල පුසුඹේ ලියා එවන්නද මේ ලෙන්ගතු කම ලිහා තියා අබිමන් වාසල් දොර සොයාන එන්නම් කුමාරියේ බලා ඉන්නෙපා දිවා රැයේ කිරුළු දරන කඳුළු නොතේරෙන ඉසුරු තෙදැති මිනිසුන්ගෙන් වෙන්වී ඉසුරුමුණියෙ උණුවෙන ගල් පෙත්තක ආදර සිත්තම් නෙලමු අපි බලාන ඉන්නට දිවා රැයේ රන්මසු උයනේ ....
