Kola Sandawatha
මීදුම් සේල ඉරා සඳ සාවිය ආවා තරු මල් යාය පුරා පිනි වෑස්සක් හැලුවා මල් පුබුදා සුවඳ පුරා පාර දිගේ සඳ දිය ගැලුවා කෝල සඳවත පේළි තුරුකැට ඈ ළඟින් තියලා කොහේද යහනක දුක් යාළුකර මං හැඬුවා....... නාඹර අහසට සඳකුත් වීලා ලප නැති හඳකට ලස්සන වීලා මතකයි නුඹ මගේ රැජිණිය උන්නා කෝල සඳවත පේළි තුරුකැට ඈ ළඟින් තියලා කොහේද යහනක දුක් යාළුකර මං හැඬුවා....... මත්කළ මීවිත හද ළඟ තියලා මට දුර හඳ ළඟ නුඹ හා බැඳිලා මතකයි නුඹ මට තුරුළුව හිටියා (කෝල සඳවත පේළි තුරුකැට ඈ ළඟින් තියලා කොහේද යහනක දුක් යාළුකර මං හැඬුවා.......//)
