Thotupola

Neela Tharaka

Gayantha Wijayarathna

නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා හීනයෙන් පවා ඔබ මාව වශී කළා තවරා දෙතොල් පුරා සිත කෝලමත් වෙලා මුදු දෑත මෙන් කොපුල් වසන් කළා....... රූසිරිවන්ති මා පුබුදන්නී රෑම සනසන්නී පාට පාට හීන සරසන්නී නෙත ගාව දැවටෙන්නී හිත ගාව ලතැවෙන්නී...... නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා....... සමනල් යායේ හිමගිරි අරණේ අත් අල්ලාගෙන යමු හනිකේ නිම්නැති අහසේ විහඟුන් විලසේ පපු විදහා පියඹමු ආයේ තටු විදහා පියඹමු ආයේ.... හරි සොඳටමයි ආදරේ ඒ වුණත් නෑ මා වගේ තරහා වෙලා ඉවත නොයා හැමදා පායන් මහදේ...... නීල තාරකා සඳ ගාව........

Neela Tharaka lyrics · Gayantha Wijayarathna