Thotupola

Sumudu Piyallak

Dinesh Tharanga, Tashni Perera

සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ මිහිරියි ආදරේ මේ හැමතොට හමනා සුළඟයි ආදරේ සිහිනෙන් සිහිනෙට ළඟා වී සවනින් සවනට දිගා වී දෑසින් රහසින් කියා දුන් සුවඳම පණිවුඩයයි ඔබේ ආදරේ ඔබේ ආදරේ මල් වියනේ අරුමැසි දැහැනයි ආදරේ....... ඉඟි බිඟි නිදහසේ හිත් ළඟ දුක් විඳී පියකරු මදහස හදවත පිරිමදී වදනින් නොකියන දහසක් සිතුවිලි යායට දොර ඇර දෙන ඒ මොහොතේ......// සුමුදු පියල්ලක් ලියා දුන් උමතුව ළංව ඇති මාගේ හැඟුමක අරුතට අරුත දුන් සොඳුරුම සිරිතෙකි පිවිතුරු ආදරේ ඔබේ ආදරේ....... ඔබ ළඟ නිදහසේ රස බස් තෙපලමින් අහසේ ගෑවෙමින් සතුටින් පාවෙමි බිඳුවක් ඉල්ලන ඔබ හට ගඟුලක් තරමට පුද දෙන්නම් මගේ ආදරේ.....// ඇසිල්ලකින් මත් කළා වූ දිගැස් ලියේ හිත හදාපු බිඳක් තියේ නම් කමක් නෑ මගේ සිහිනය ගෙන දිවියට එනු මැනේ පිවිසෙනු මැනේ.....

Sumudu Piyallak lyrics · Dinesh Tharanga, Tashni Perera