Nihada Ra Paluwe
නිහඬ රෑ පාළුවේ සුසුම් දවනවා හදවතේ ඇති සෙනේ මුව අගින් ගොළු වෙලා දැනෙනවා මට සදා ඔබ මගේමයි කියා කුළුඳුලේ පැතු සෙනේ හදවතේ හිරවෙලා.....// (සිත මගේ කියනවා පවසන්න කිය කියා මහදේ ආදරේ පුද දෙන්න කිය කියා.....//) නෙතු ගැටුණු විට ඔයා මුව මගේ ගොළුවෙලා හදවතේ ලියලෙනා ආදරේ තනිවෙලා...... (සැනසුමක් නෑ හදේ මහමෙරක් වගේ දැනේ පුද දෙන්න ආදරේ මං ඉන්නේ මග බලා.....//) ළංවෙන්න හිනැහිලා මා ගාව දැවටිලා පවසනා තුරු මෙමා හද පුරා ආදරේ...... නිහඬ රෑ පාළුවේ.......
