Thotupola

Amma

Sulali Vishmini

සෙනෙහසේ අරුත පහදලා ලේ කිරට හරවලා මට පොවා දුක් ගැහැට උහුලනා අම්මේ මතු හැම භවයකම පුරා ඔබ හිඳින්න මගේ මව් වෙලා ඔබේ සෙනෙහස පමණයි සදා මට දැනුණේ සිහිනෙන් පවා..... හිස සිඹිමින් දුන් ඔවදන් හිත පතුලටම හොඳින් දැනුණා ගිරි දුර්ග හොඳින් මට පෙන්වා හරි මග පහදා ළඟ හිටියා මතු හැම භවයකම පුරා.... මට දැනුණේ සිහිනෙන් පවා..... හිරු සඳු සේ තුන්යාමේ රැකවරණය නිරතුරු සැදුවා මා වෙනුවෙන් දිවිබර උහුලන් මුළු දිවියම ඔබ කැප කෙරුවා..... සෙනෙහසේ අරුත පහදලා......

Amma lyrics · Sulali Vishmini