Ma Kiyana Dema Asu
මා කියනා දේම ඇසූ මා ගාවට වෙලා විසූ ඔබ නම් දැන් හරි වෙනස් වෙලා සිදාදියට ගියායින් පසු අගහිගකම් එක්ක විසූ ඔබෙ අතමිට වෙලා සරු මං දැන් අමතක වෙලා වගේ හසුනක්වත් නැත්තෙ ඇයි සුදූ මට හසුනක්වත් නැත්තෙ ඇයි සුදූ අප හමුවුනු ආගිය තැන් සිහිවන විට රැයක් පුරා පෙර මතකය යළි නගන්නට මා යනවා එතැන් සොය සොය ඔබ ඉන්නවා වගේ හැඟෙනවා ළඟ නැති බව නමුදු පෙනෙනවා // මා කියනා දේම .... සිත හැමවිට පෑරෙනමුත් රුව දුටු විට මතක් වෙලා මැවූ සිහිනෙක ඔබ දකින්නට මා තැවුනා හිතත් හඬ හඬා ඔබ ඉන්නවා වගේ හැඟෙනවා ළඟ නැති බව නමුදු පෙනෙනවා // මා කියනා දේම ....
