Thotupola

Dethola Nokee Dey Muhune Liyawenawa

Gunadasa Kapuge

දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා වසන් කරන සිත මුහුනේ ලියැවෙනවා නංගිගෙ පාමුල ඉර හඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ පුංචි හිතේ පොඩි මධුමල් පිපිලාදෝ // ගෙදර බුදුන් මුව උදානයක් වූ නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුනේ දෙතොල නොකී දේ .... බාල බොළඳියේ ඉස්සර හුරතල් වූ කවට සිනා කෙළි සඟවා තැබුවාදෝ // වසන්තයට පෙර කැකුලට ළං වී නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුනේ දෙතොල නොකී දේ ....

Dethola Nokee Dey Muhune Liyawenawa lyrics · Gunadasa Kapuge