Hinahenna hamadama
හිනැහෙන්න හැමදාම ළං වී ඔයා ජීවිතය ඔබේ නමට පූජා කළා හැම සසරේ ලැබ ගන්න පෙරුමන් පුරා (මේ භවයේ ඔබේ වෙන්න මා පින් කළා....//) (රැකගන්නම් මගේ මැණික මට හිමි නිසා නැහැ යන්නේ කිසිදාක තනිකර දමා....//) (පින්වන්ත හිත ගාව දැනෙනා සුවේ දැනුණේ නෑ මේ ලෙසට පෙර කිසි දිනේ....//) දිවි ගමනේ මිණි පහන ඔබමයි ළඳේ (වෙනසක් නෑ හැම සසරේ මං ආදරෙයි...//) රැකගන්නම් මගේ....// (මා ළඟට ළං වීලා හිඳින නිසා අඳුරකට සිර වීලා සිටිමි මා....//) ඔබ ආයේ ළං වීලා දුක නැති කළා (ඔය තුරුලේ සතපන්න සිහිනේ පවා...//) රැකගන්නම් මගේ....// හිනැහෙන්න හැමදාම.....
