Thotupola

Mama Kemathi Nenata

Sahan Jayashantha

ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා ජයපැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// රස කර මම පවසන්නෙමි මිණි කිංකිණි සොලවලා අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටුවෙලා මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (පරයන ඉඳුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට වසඟ නොවන් මෙහි කවුරුද නෑනගෙ එක බැල්මට...//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (පොත් ටික තුරුලට අරන් මුව මදහස රැලි පෙරන් පාසල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්...//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (මැල්ලුමකට වෙල් පළා නෙලන්න සිහිනිඟ සලා යන විට රණ මොණරි වගේ මගෙ හද කුල්මත් කළා...//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (අඩසඳ වන් නළලතේ චන්දන තිළකය ඇතේ රිකිපිල වැනි කෙස් කළඹට කිතුල් රෑන පැරදෙතේ...//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (නැහැඹුල් හද කිති කැවී නව රසදුන් සරසවී මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මධු මාධවී...//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (මුහුදෙහි රළ පෙල ගැසී ගමන සදිසි යන ලැසී ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසියි....//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තුවේ කිරි පැණියි වගේ ඉන්න එනවද මගේ වස්තුවේ....//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ ගල් පර දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ....//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (හසරැලි නැත්තම් මුහුණේ සිතුවිලි ලස්සන නෑහැනේ වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ....//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....// (ගන්නෙද ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක් හදමුද අපි කූඩුවක් වෙමුද පරවි ජෝඩුවක්....//) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....//

Mama Kemathi Nenata lyrics · Sahan Jayashantha