Thotupola

Rathu Guru Pare Handawe

Latha Walpola, Dhammika Walpola

රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ අතිනත පටලා යමු අපි දෙදෙනා පුංචි දුවේ මාගේ දෙනෝදහක් ලොව සිටියත් කම් නැත මට මව් හෙවන වගේ රන් දෝලාවක කුමරෙකු අත ගෙන ඈත දුරක ඔබ යන දිනයේ හිතා ගන්න බෑ කුමක් දැනේවිද හිත‍ට මගේ එදිනේ ගියද කොහේ මම ළගය ඔබේ නිති බෙදී බිඳී නොමයේ යහළුවාට යෙහෙළියට මගේ ළඟ ඔබ පමණයි ඉන්නේ රතු ගුරු පාරේ .... මහළු වියේ මා තනි වන දවසේ වාරු නොමැති පා ඔසවන්නේ තනි නොතනිය මැද දුව් නුඹයි මට එද‍ාට වම් වන්නේ මා ගත සුවඳයි ඔබ ගත සුවඳයිකිසි වෙනසක් නැත්තේ මමයි ඔබේ දුව ඔබයි මගේ මව භවෙන් භවේ නිබ‍‍ඳේ රතු ගුරු පාරේ ....

Rathu Guru Pare Handawe lyrics · Latha Walpola, Dhammika Walpola