Hinahenna Nil Dase
හිනැහෙන්න නිල් දෑසේ තනි වෙන්න මං ආවේ කො කොහේද නුම කොහේද ඇයි හැංගිලා වැතිරෙන්න පපු පහසේ හුස්මකට දුර නැහැනේ මං මෙතන නුබ ලගම මේ ඉන්නවා // රතු රෝස මල් ගව්මේ රතු පාට තැවරිච්ච ඔය දෙතොලේ මුදු පහසේ මා මත් වෙලා පෙම් පාට හැන්දෑවේ හීතලට ගුලිවේච්ච අපේ හීන අපේ නේද රෑ එලි වෙලා // හමුවෙන්න මග බැලුවේ නැලවෙන්න ඔය තුරුලේ රෑ සීත සඳ සෙවනේ අපි තනි වෙලා ඉගිකරන ඇස් වැහුවේ සගවන්න නුඹ සෙවනේ මල් රේනු බිම පලසේ සිත් නැවතිලා හිනැහෙන්න නිල් දෑසේ .... //
