Awasanayak Naha
අවසානයක් නැහැ මාගේ කඳුලට ඔබ නමින් ගිලිහෙන මට කියලා දෙන්න බැරිද ඔබ මෙන් (හිත හදාගන්න...//) වැඩි කාලයක් නැහැ ආයේ ඔබ හට මගේ අඩුව වැටහෙන මම මැරුණොත් යම් දිනේක එදිනට (ඔබ ඇවිත් යන්න...//) ළංවෙලා මං ළඟම හිටියත් ඔබ කළේ බොරුවයි පෙම් කරා ලෙස ඔබ පැවසූවත් පෙම් කළේ මමමයි රවට්ටන්න මාව පුළුවන් තරම් (මම තරහ නෑ මගේ රත්තරන්...//) මේ ලොවේ මට මගේ කියන්නට හිටියේ ඔබ විතරයි අද ඔබත් වෙනකෙකුගේ වුණ විට ලැබුණේ දුක පමණයි හොඳින් ඉන්න මාගේ හුස්මත් අරන් (මම තරහ නෑ මගේ රත්තරන්...//) අවසානයක් නැහැ....
