Bimata Pathitha Viyali Kolaya Gasata Epa Wee
බිමට පතිත වියළි කොලය ගසට එපාවී මහ පොළවට බරක් නොවී දරාගනු බැරී මට මේ ටික වැඩියි කියා ගඟට එපාවී මහ මුහුදට හෙලන ජලය එයට වැඩි නොවේ රැගෙන ගොසින් ගඟේ ජලය හිරුට එපාවී මහ වැසි ලෙස යළි එව්වද පොළව පිළිගනී වෙරළ මඳක් වැළඳ ගන්න සිතා හැපෙමිනී ගිය රළ පෙළ නැවතත් ආවද සයුර පිළිගනී බිමට පතිත සුළි සුළඟක් ලෙස හැමුවද ලොවට නපුරු වී මුදු පවනක් වී ආ විට තුටින් පිළිගනී නුඹ මා හැර යනමුදු අද සැහැසි විලසිනී වැරදී ආපසු ආවොත් මසිත ඉඩ හිමී // බිමට පතිත මහ මුහුදට හෙලන ජලය එයට වැඩි නොවේ ////
