Kohedo Numba Gihin Hitiye
කොහෙදෝ නුඹ ගිහින් හිටියේ වේදනා දොර ඇරුනා කළුවරේ හිත රිදුනා // කොහෙදෝ නුඹ ඇවිත් හිටියේ අනෝරා වැහි වැටුණා වසන්තේ මඟ හැරුණා // කොහෙදෝ නුඹ ගිහින් හිටියේ කුණාටුව මැද බිඳී විසිවෙන හිතේ හසරැල් ලුහුබඳිනා සිතිජයට දුර අහස කෙළවර නුඹ ඇතැයි යළිත් මට සිතුණා ඉඩෝරය ළඟ හුස්ම අරගෙන හිතේ කොතැනද රැඳුණා පමා වී යළි ආ වසන්තයේ මගේ හෙට දවස මුණ ගැසුණා // කොහෙදෝ නුඹ ....
