Nuba Mata Hamu Nounanam
නුඹ මට හමු නොවුනා නම් මා නුඹට පෙම් නොකළා නම් මා දමා නොයා ළඟ සිටියා නම් (මේ තරම් දුක නෑ//) නුඹ මට හමු නොවුනා නම්... ගොම්මන් කළුවර ඇවිදින් හිරු යන්න ගියා සඳ ඇවිදින්// සිත් මල් ඇහැරී පර වී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට නුඹ ඇවිදින් මා හඬවයි... නුඹ මට හමු නොවුනා නම්... ඔබ යන්න ගියා සිත දවමින් මගේ නෙතට කඳුළු මල් ගෙනවිත්// තරු මල් ඇහැරී හිනැහී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට නුඹ ඇවිදින් මා රිදවයි... නුඹ මට හමු නොවුනා නම්...
