Thotupola

Gewunu Mathakayan

Kalum Hettiarachchi

ගෙවුණු මතකයන් තවමත් මා ළඟ සිත පාරනවා හෙමින් සැරේ මතක් වුනේ නැහැ අමතක කරන්න නුඹයි මගේ ජීවිතය වුණේ හෙටක් කියා දවසක් ගැන හිතන්න නුඹයි මගේ ළඟ මට හිටියේ ඇතැයි කියා නැති දේකට රැවටුණු (නුඹේ ආදරේ මා රැවටූ...//) එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනව සිත නොනිදා මොහොතක් ගානෙම දහසක් සිතුවිලි මතකය අලුතින් අලුත් කළා පිණිකැට වැටෙනා නිහඬ රාත්‍රිය අනන්තයට අපි අරන් ගියා මටම පුදුම මම නුඹටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා... නෙත් යුග තෙමන්න කඳුලට ඇරයුම් නුඹයි කළේ මගේ ළඟට වෙලා නින්ද නොදී ළඟ එබිකම් කරනවා මතකය මට විතරක් පවරා නිමක් නොවෙන්නට මුළු සිත පුරාම සඳක් වගේ ඔබ හිනැහෙනවා මටම පුදුම මම නුඹටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා... ගෙවුණු මතකයන්...

Gewunu Mathakayan lyrics · Kalum Hettiarachchi