Dedunnak Wee Nil Ahasata Oba Enna
දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං ඔබ අරගෙන යන්න මට එක දවසක් හරි එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න මහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම් මතු දවසක හරි ඔබට බලාගන්න ඔව් ඔබට බලාගන්න හොරැහින් බලනා හැටි මගහැර යන්න ඔයා මැනවින් හඳුනාගෙන මම ඉමි අහක බලා පුළුවන් වුනොතින් මට ඔබගේ වෙන්න සදා මේ සිහිනය මනරම් දොවොලක් වේවි එදා මේ සිහිනය මනරම් සිහිනය මනරම් දොවොලක් වේවි එදා දේදුන්නක් වී .... අදහන්නට බෑ එක දවසක් හමුවුවා සිත ගන්නට බැහැ වෙනතක යන්න හැරිලා හරි ආශාවෙන් ඇති මගෙ හදවත ලියලා මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා මුලු ලෝකෙම මගෙ ලඟ මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා දේදුන්නක් වී ....
