Epa Yali Hamuwanna
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න... සංසාර ගමන්මඟ සෙනෙහස සොයා දිනක ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ... ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත සංසාරයේ යළිදු නවාතැන් සොයා යන මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න... එපා යළි හමුවන්න.....
