Thotupola

Husma Sibinnam

Saranga Disasekara, Umali Tilakarathne

හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා මේ හිත ගත්ත රෑ හීන චායා නෙතු ගාව නැවතිලා පායා මනමාල හැඟුමන් අපේ හිත පාරලා... තුරුලට වෙන්නම් ඔය හිත මත්තේ ජීවිතේ ලියා නිහඬව ඉන්නම් ඔය නෙතු මානේ ආදරේ තියා ඇස් ළඟ උන්නු මේ කඳුළු සේයා දුර ඈත ඔබ ගාව සඟවා හැඩකාර හැඟුමන් අපේ ළඟ වෑහිලා... සුසුමන් සුවඳේ පාවීලා ඔබේ අසලට වීලා මගේ ආදරේ ගලපාලා ඔබේ නමටම ලියලා හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා මග බලා ඉන්නම් ආදරේ දරා... හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා... හැඟුමන් මහදේ පීදිලා ඔබේ තුරුලම සොයලා නිහඬව අඳුරේ තනිවීලා ඔබ සෙව්වා හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා මග බලා ඉන්නම් ආදරේ දරා... හුස්ම සිඹින්නම් පෙම්...

Husma Sibinnam lyrics · Saranga Disasekara, Umali Tilakarathne