Oba Gana Thathu
ඔබ ගැන තතු මට කියන්න කවුරුවත්ම නෑ අපි විරසක වෙලා ගියා කවුරුත් දන්නෑ ඔබෙන් මිදෙන්නට හැකි නම් මේ හැටි ඉන්නෑ (මමත් මගේ හිතත් හඬන හැටි ඔබ දන්නෑ....//) මද්දහනේ ගිනියම් බව මට තේරෙන්නෑ වැහි වහිද්දී හීතලයිලු මට දැනුනෙම නෑ ජීවිතයම ඔබෙන් තොරව ගෙවනු දන්නේ නෑ (මෙතරම් පෙම් කළත් ඔබට, ඔබ මට හිමි නෑ//) මට සෙනෙහස ඇති තැන් ළඟ සිත ලෙන්ගතු නෑ ලෙන්ගතුකම් වැඩි වුනාම දුක ඇයි දන්නෑ හිත සොයනා හිත නොලබන සෙනෙහස ඔබ පෑ (මතු කවදාවත් ආයෙම මගේම වෙන්නෙ නෑ...//) ඔබ ගැන තතු...
