Thotupola

Awurudu Dedahas Panseeyak

Nanda Malani

අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට වින කෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජ වෙති මගෙ උන් හැමදාමත් මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිලා මල්ලිලා හදන්ට ඕනෑ කමක් නැතී ගේ දොර කණකර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමා යුෂ මට ඇති බැවිනී මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගළවනු මැනවී

Awurudu Dedahas Panseeyak lyrics · Nanda Malani