Thotupola

Ahasa Udin Udu Guwanin Amma Enakan

Asanka Priyamantha

අහස උඩින් උඩු ගුවනින් අම්මා එනකන් දෑසේ කදුළු මලක් මිසක් සිනහ මලක් නෑ ඕන පදන් එවන සල්ලි වීසි කරන තාත්තාට මිතුරු තුමෝ දුකට සැපට කිසි අඩුවත් නෑ ඉස්කෝලෙන් කට්ටි පනින පුංචි මල්ලි හදන්න බෑ කළඑලි වෙන පුංචි නංගි ගෙයි තනියෙන් තියන්න බෑ තාත්තාට කියන්න බෑ අම්මා ලඟ පාතක නෑ හැම මාසෙම එවන සල්ලි වලින් කදුළු පිහින්න බෑ අහස උඩින්.... තාත්තා දැන් ගෙදර එන්නේ දවසට දෙකකට සැරයයි නෝක්කාඩු කතා මිසක් අපි ගැන කිසිවක් නොසොයයි අහන් ඉන්න කෙනෙක් සොයන සිතුවිලි දෙතොලේ නලියයි අම්මා ආවම ගෙයි ගිනි තිබුනට වැඩියෙන් ඇවිලෙයි අහස උඩින්....

Ahasa Udin Udu Guwanin Amma Enakan lyrics · Asanka Priyamantha