Thotupola

Rata Wenuwen

Sanduni Rashmika

රට වෙනුවෙන් මල් මාල ගොතන්නට පේළි සැදීලා එනු මිතුරේ විරුවන්ගේ ගෙල ඉන් සරසන්නට පේළි සැදීලා එනු මිතුරේ... අද ගැලවී යන මල් මාලා හෙට ඔබ ගෙල වට ඇත රැඳිලා... රට වෙනුවෙන් සැමරුම් කොත් නගනට පේළි සැදීලා එනු මිතුරේ විරුවන්ගේ රුව එහි සරසන්නට පේළි සැදීලා එනු මිතුරේ... අද ඉදි වී යන කොත් ශාලා හෙට ඔබ වෙනුවෙන් ඇත සැදීලා... රට වෙනුවෙන් සැමරුම් රැස්වීමට පේළි සැදීලා එනු මිතුරේ විරුවන්ගේ ගුණ ගී කියවන්නට පේළි සැදීලා එනු මිතුරේ... අද රැස් වී එන රැලි මාළිගා හෙට ඔබ ගුණ ගී ඇත ගයලා...

Rata Wenuwen lyrics · Sanduni Rashmika