Kurullane Pani Kurullane
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි කුරුල්ලනේ// කුරුල්ලනේ පැණි කුරුල්ලනේ... රුවන් තාරකා මැදින් පියාඹා සඳුන් සමීරේ පාවීලා// සුරංගනාවන් දකින්න යන්නම් සඳෙන් එහා දිලෙන ලෝකේ... කුරුල්ලනේ පැණි කුරුල්ලනේ... නැවුම් පැතුම් පිරි හැඟුම් මවාලා කොහෙන්ද ආරාධනා ගලයි// සිතුම් සැඳැල්ලේ බිගුන් කියන්නේ ඒ රහසද මාගේ සුහදේ... කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...
