Thotupola

Adaraye Unusum Susum Suwadada Metharam

Amarasiri Peiris, Nirosha Virajini

ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් එහෙනම් සැළමුතු පෙම තුල නිසසල වී ලොව නවතීවා සැනෙකින් ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් දේදුණු දෙබැමින් ඉඟිකරමින් හිනැහෙන විට අනේ ලෙන්ගතුදැයි කෙතරම් බිළිදෙකු සේ ළමැදේ ගුලිවූ විටෙක ලොබින් සත්තයි ඒ හැඩිදැඩි නුඹදැයිද සිතේ ආදරයේ උණුසුම් .... සීතල දෙතොලින් සිසිලසකින් මුමුණනවිට අනේ හීනෙන්දැයි නෑගෙයි හාදු මතින් නලලේ උණුසුම් තිළක තියා පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි ආදරයේ උණුසුම් ....

Adaraye Unusum Susum Suwadada Metharam lyrics · Amarasiri Peiris, Nirosha Virajini