Thotupola

Gaya Geethayan Game Wel Eliye

Indrani Senaratne, Sisira Senarathne

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා‍ වගේ ඈ මේ ගමේ... ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඔහු සමගින් එදා ඒ මා තමා අද නැතුවා‍ වගේ ඔහු මේ ගමේ ගයා ගීතයන් ගමේ වෙල් එලියේ... ගුරුතුමා දවසක් මා හට තැළුවා දැක මට මතකයි ඈ හැඩුවා මා අසනීපෙන් සිටි එම දවසේ ඇඳ ලග ඈ මුළු රෑ සිටියා... අපි දෙදෙනයි එකට පාසල් ගියේ ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ... ගයා ගීතයන් ගමේ... නාන වෙලේ මා රැල්ලට අසුවී යන විට ඔහුවිත් ගොඩ ගත්තේ මා බොරුවට දවසක් තරහා වී කෑම නොකයි ඔහු සිට ඇත්තේ... අපි දෙන්නයි එකට‍ එහෙ මෙහෙ ගියේ උදයේ හවහේ සෙල්ලම් කලේ ඔහු සමගින් එදා ඒ මා තමා අද නැතුවා‍ වගේ ඔහු මේ ගමේ... ගයා ගීතයන් ගමේ...

Gaya Geethayan Game Wel Eliye lyrics · Indrani Senaratne, Sisira Senarathne