Thotupola

Desa Basa Resata Erehiwa

Abeywardana Balasuriya

දෙස බස රැසට එරෙහිව රට දසනු දිසා කළු සුද්දන් ගැතිව පවසන තෙපුල අසා කකියයි රුහිරු රුපු සේනා තෙදණ නසා නිවහල් ගඟ ගලයි අද මුළු රටම වසා පරයින් බසට ගැති හෙළයන් පිටු දකිනූ පරයින් පා සිඹින වහලුන් දුරු කරනූ පරයින් මිතුරු කැල සතුරන් ලෙස සිතනූ පරයින් නසන නිදහස් පිළිරැව් නගනූ දෙස බස රැසට එරෙහිව... පරගැති කුමරුවෝ හිනැහෙති සඳළු තලේ පරගැති නැති පුතුන් පසුවෙද පිදුරු පැලේ උන් ආ දිනෙක බිඳ දා අදිරද සතුරු බලේ මේ ලක් පොළොව නිවහල් මල් පොකුරු දිලේ දෙස බස රැසට එරෙහිව...

Desa Basa Resata Erehiwa lyrics · Abeywardana Balasuriya