Thotupola

Bera Pade Thala

Jayalath Manorathne, Stage Drama Songs

බෙරපදේ තාල මත්තට නෑසේද සීපදේ හවස් ජාමෙට ගොලුවේද සකිසඳේ නුඹත් ගම අතහැර යාද හෙට උදේ දකින්නට බැරි වෙයි නේද... කීන දං හිඹුටු බෝවිටියා සුවඳ පේනතෙක් මානයෙන් ඈතට යාද හේන කුඹුර ඕවිට අමතක ඇයිද මූනවත් බලාගන්නට බැරිවෙයිද... දුලා දිමුතු මුතු හර පලඳින කලට වළාකුලක සේලේ ගතලන කලට සලා සිමර දෝලාවල යන කලට රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට... ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය විලක් තුලට බැස්සොත් බොරවෙනවාය මලක් කඩා ගත්තොත් පරවෙනවාය රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය... රජ අණක් වෙතොත් බෑ හැංගිලා ඉන්ට හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට මට ඉඩක් ලැබීයං ආපසු එන්ට...

Bera Pade Thala lyrics · Jayalath Manorathne, Stage Drama Songs