Surathal Ape Penila
සුරතල් අපේ පෙනීලා වන මල් කැලේ පිපීලා// කිංකිණි පරදන නාදෙට අපගේ ගලා යයි ජලේ හෝ ගා ගලා යයි ජලේ…// පායයි පුන් සඳ අහසේ පුංචි ළමුන් දැකලා සේ සුන්දර සිරි දුව වාගේ…// සුරතල් අපේ පෙනීලා... දේදුනු පායා එන්නේ රන් තරු වැල් බැබලෙන්නේ පුංචි ළමුන් හින්දයි නේ…// සුරතල් අපේ පෙනීලා... නාමල් ඕළු පිපෙන්නේ මිණි මුතු ලොවට ලැබෙන්නේ පුංචි ළමුන් හින්දයි නේ…//
