Thotupola

Ira Payanawa Sanda Payanawa

Vikasitha Sandawinna

ඉර පායනවා සඳ පායනවා අපේ අප්පච්චි කුඹුරට යනවා ගොයම් කපනවා බැත පා එනවා අපේ අප්පච්චි නිවන් දකිනවා… දහඩිය බිඳුවක් අප්පච්චිගේ මුහුණ තෙමනවා ඒ දහඩිය මට රන් මුතු වගේ වටිනවා හෝඩි පොතේ අකුර අකුර කියාලා දෙනවා අළුත් හාලේ බත් පොඩි කර මටත් කවනවා… ඉර පායනවා… නපුරු සතුන් රෑ යාමේ මාන බලනවා නින්ද නැතිව අප්පච්චි හේන රකිනවා හොඳට ඉගෙන අරගෙන මම ලොක්කෙක් වෙනවා අප්පච්චිගේ හීන ලෝකේ මම සැබෑ කරනවා… ඉර පායනවා…

Ira Payanawa Sanda Payanawa lyrics · Vikasitha Sandawinna