Gal Wel Mal Pipi Vil Pokunu
ගල් වැල් මල් පිපි විල් පොකුණු කඩු සිඳු ලඳු සලකුණු කෙරුණු// සිතුවම් බලමු රට ගැන සිතමු// අපි වෙමු මේ බිමේ හිමිකරුවෝ...// ආකර රන් මිණි පුරවාලා දියඇලි ගලන තුරා// සොබාධර්මයට පින් දීලා උරුමේ සරසනවා// ගල් වැල් මල්... සාගර වන් අටු පුරවාලා බව භෝ යන උතුරා// මුතු මිත්තන් හට පින් දීලා අප පෙරටම යනවා// ගල් වැල් මල්...
