Dura Athata Duwana Sitha
ගුඩු ගුඩු චක් ගුඩු...//// දුර ඈතට දුවනා සිත නවතිනවා මල් සුවඳට රහස මටත් නොදැනී// මල් සුවඳට දුවනා සිත නවතාගෙන එක මොහොතක අහන්න මගේ දියණි මේ අහන්න මගේ දියණි... ගුඩු ගුඩු චක් ගුඩු...//// වැහි වතුරේ ඔරු පා කළ සෙල්ලම් සිත මා// දුව යනවා දුර ඈතට දැන් කොයිබද මා වැහි වතුරේ කඩදහි ඔරු ලෙස නොසිතන්නේ ජීවිතයේ දුර දිග ගැන දෑස යොමන්නේ...// වෙල් යායට තුරු වදුලට සඳපානට මා// මේ තරමට සිත බැඳුනේ ඇයිදෝ නොදැනේ මල් සුවඳට සඳපානට පෙම් කෙරුවට දූ ජීවිතයේ අරුත නොදැන පිය නොතබන්නේ...//
