Bonikka Tharaha Wela
බෝනික්කා තරහා වෙලා පොල් කටු ටික බිම දාලා මගේ සෙල්ලම් ගේ කැඩිලා කරදර මට ගොඩ ගැහිලා...// උදේට පොත් ගොඩක් අරන් ඉස්කොලේ මා යනවා// අකුරු ලියනවා ගණන් හදනවා// ලියලා ලියලා අනේ මගේ අතත් රිදෙනවා// පන්තියේ වැඩ පාඩම් වැඩ ටියුෂන් වැඩ අමතර වැඩ මේ ඔක්කොම වැඩ වැඩි වී ඔලුව රිදෙනවා...// ගෙදර ආපු වෙලේ ඉඳන් අම්මාගේ කරච්චලේ// කොච්වර පාඩම් කෙරුවත් අම්මා බනිනවා තව මදී කියනවා...// අනේ මගේ සුදු අම්මේ මම තාමත් පොඩි ළමයෙක්// ලොකු වුණාම මම ලොක්කෙක් වෙන්න බලන්නම්// මගේ පුංචි ළමා ලොවේ තරමට මට වැඩ කරන්න// මගේ නිදහස ලබා දෙන්න මට මංම වන්න ඉඩ හරින්න...
