Thotupola

Monawada Amme Akuru Jathiyak

Children Songs

මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙති වල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙතී බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනො මල් වල ලියතී මේ වගෙ ලස්සන පාට අපට නෑ කොතැනින් මේවා ගෙන එන්නේ කොහොමද අම්මේ මේව කියන්නේ මට නෑ මොකවත් තේරෙන්නේ ඉර පායන කොට ඉර බැස යන කොට පාට වළාකුළු ඇත අහසේ ඒවායින් මේ මල් පැහැ ගන්වයි ඒව කෙරෙන්නේ හොර රහසේ අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ කිචි බිචි ගා මොනවද කියතී උන් දන්නව ඇති මේ මල් වල ඇති පුංචි අකුරු නිතරම බලතී ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව් කුරුළු ගීත වල රස මතුවේ එක එක තාලෙට කියන කියන දේ මල් කොළ වල තව තව ලියැවේ බිම බැලුවත් මල් උඩ බැලුවත් මල් පුංචි කුරුල්ලන් ඉගිලෙනවා සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ මල් ද කුරුල්ලන් කොහි යනවා බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම මල් කොළ වලටත් සතුට නැගේ

Monawada Amme Akuru Jathiyak lyrics · Children Songs