Thotupola

Diya Goda Sama Thana

Sunil Shantha

හඳ පානේ.. හඳ පානේ.. හඳ පානේ.. රෑ යාමේ... දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ ගස් වැල් කිරි මූදේ කිමිදේ මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ බැබැළෙන හඳ පානේ හඳ පානේ.. හඳ පානේ.. හඳ පානේ.. රෑ යාමේ... මගෙ පොඩි නංගී කිරි ඉල්ලා දෝත නගා මහ ඉහළ බලා අම්බිලියෝ කියමින් නැලැවෙන්නේ බැබැළෙන හඳ පානේ හඳ පානේ.. හඳ පානේ.. හඳ පානේ.. රෑ යාමේ.. දිය මතු පිට කිරි රැල්ල නැගේ ඔරුවෙක් තනි වී ඈත පෙනේ හෝ ගා මුහුදේ රැල්ල බිඳෙන්නේ බැබැළෙන හඳ පානේ හඳ පානේ.. හඳ පානේ.. හඳ පානේ.. රෑ යාමේ.. වවුලන්ගේ බකමුණන්ගේ නාදය ඉඳහිට මටද ඇසේ කිරි වෙනුවට ගොම සොයමින් යන්නා බැබැළෙන හඳ පානේ හඳ පානේ.. හඳ පානේ.. හඳ පානේ.. රෑ යාමේ..

Diya Goda Sama Thana lyrics · Sunil Shantha