Thotupola

Akke Akke Ara Balannakao

Sunil Edirisinghe, Nanda Malani

අක්කේ අක්කේ අර බලන්නකෝ වැස්සක් නොවැ එන්නේ හෝ හෝ හෝ ගා ගෙන එන්නේ ගස් ගල් පෙරලෙන්නේ සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි මහා වළාකුලක් මේ එන්නේ අක්කේ වී පැදුරත් මිදුලේ අකුලා ගෙට ගන්නේ.....// අම්මත් අර නාගෙන එන්නේ.....// මල්ලි තවම කුඹුරේ......// සුළං තදයි...... නංගි සුදෝ මගෙ අඬන්නෙපා අම්මා හනික දැන් එයි....// බිල්ලෝ නොවෙයි ඔය ගොරවන්නේ.....// අහසේ හෙණ නාදේ..... සුළං තදයි........ අක්කේ දර ටික ගෙට ගනිමූ වැහි පොද වැටෙනවනේ.....// වතුරත් ඉවරයි කළ ගෙඩියේ.....// හනික ළිඳට යමුකෝ......// සුළං තදයි....... අක්කේ අක්කේ.......

Akke Akke Ara Balannakao lyrics · Sunil Edirisinghe, Nanda Malani