Amma Mawa Doi Karanna
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....// හබුන් කටක් කියාලා - බත් දෙකටක් කවාලා වතුර ටිකක් පොවාලා - උකුල උඩින් දමාලා අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....// අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....// දොයි දොයි දොයි කියාලා - බයි බයි බයි ගයාලා සැනසිල්ලේ හිතාලා - නැළවිල්ලක් ගොතාලා අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....// අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....// ඔන්න බබෝ ඇතින්නී - ගල් අරණේ සිටින්නී ගලින් ගලට පනින්නී - බබුට බයේ දුවන්නී අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....// අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....// හොඳ එළියක් පෙනෙන්නේ - හඳ මාමයි එබෙන්නේ කිරියි පැණියි ගෙනෙන්නේ - මගේ දූටත් බෙදන්නේ අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි....//
